උතුර: හමුදා භටපිරිස් විසින් වන්නිවිලන්කුලම් සහ කරයමුල්ලිවයික්කාල් යන ප්රදේශයන්හි සිකුරාදා (15) දින සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, වැඩිදියුණු කරන ලද ටී-56 අවි 01 ක් සහ ලේසර් දර්ශක 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරිමේ කණ්ඩායම් විසින් එදිනම (15) විලතිකුලම්, පාලමොඩ්ඩෙයි, මරදමඩු, කොක්කුතුඩුවායි සහ 13 වන සැතපුම් කණුව පුල්මුඩේ යන ප්රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 304 ක් සහ අත්බෝම්බ 01 ක් සොයාගන්නා ලදි.
66 සේනාංකයෙන් ප්රජා සත්කාර රැසක්..............
තම බල ප්රදේශය තුල ජීවත් වන සිවිල් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ ප්රජා සත්කාරක වැඩසටහන් රැසක් දියත් කිරීමට 66 වන සේනාංකය කටයුතු කරන ලදී. ඒ සඳහා තම සේනාංකය යටතේ වන සියලු බල සේනා සහ ඒකකවල සහයෝගය ලබා ගැනුනි. එම සත්කාර්යයන්ට සමගාමීව පසුගියදා පාසල් අධ්යාපන චාරිකාවක් සහ සිවිල් ජනතාව වෙත ආහාර ද්රව්ය බෙදාදීමක් සිදු කෙරිණි.
පුනරීන් හි විනයාශෝඩේ රජයේ දෙමල මිශ්ර පාසලේ අධ්යාපනය ලබන සිසු සිසුවියන්, ගුරුවරුන් අධ්යාපන චාරිකාවක් සඳහා කොළඹ වැදගත් ස්ථාන, අරලිය ගහ මන්දිරය, මහනුවර, නුවර එළිය, පුත්තලම සහ අනුරාධපුර ඇතුළු ස්ථාන රාශියකට කැඳවා ගෙන යන ලදී. සිවු දිනක් පුරා සිදු කළ මෙම සංචාරයට සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු හැත්තෑ පස් දෙනෙක් සහභාගී වූහ. යුද හමුදාව සංවිධානය කළ මෙම චාරිකාව සඳහා වැය වූ රුපියල් 2,25,000.00 ක මුදල එම පලාතේ ග්රාම සංවර්ධන සමිතිය හා ධීවර සමිතිය විසින් දරන ලදී.
එමෙන්ම ඇපෝනා ජාත්යන්තර සමාගමේ අනුග්රහය ඇතිව මෙම සේනාංකය විසින් ගෞතරමුණේ ග්රාමයේ ජීවත් වන සිවිල් වැසියන් සිය දෙනෙක් සඳහා ආහාර සලාක මළු බෙදා දෙන ලදී. ඉන් එක් ආහාර මල්ලක වටිනාකම රුපියල් 2500 කට අධිකය. මෙම සියලු කටයුතු සඳහා 66 වන සේනාංකාධිපති බ්රිගේඩියර් කේ.ඒ.සී.එච් කොඩිතුවක්කු මහතාගේ පූර්ණ උපදෙස් ලැබුණු අතර, සියලු නිලයින් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් ඉටු කරනු ලැබීය.
|