උතුරඃ හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (19) දින විලතිකුලම් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලනාශක බෝම්බ 22 ක් හමුවී ඇත.
සිවිල් වැසියන්ගෙන් ලද තොරතුරු මත භටපිරිස් විසින් එදිනම (19) කලවෙඩ්ඩිඋඩල්, ගෞතරමුනෙයි සහ නන්දිකඩාල් කලපුව යන ප්‍රදේශවල තිබී ආර්පීජී බෝම්බ 01 ක්, මීමී 60 මෝටාර් බෝම්බ 05 ක්, මිමී 12.7 පතරොම් 02 ක්, ටී-97 අවි 01 ක් සහ ටී-97 මැගසින් 01 ක් සොයාගෙන ඇත.
බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (19) මරදමඩු, පාලම්මොඩෙයි, කොක්කුතුඩුවායි සහ 13 වන සැතපුම් කණුව පුල්මුඩේ යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගලනාශක බෝම්බ 58 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 07 ක් සොයාගැනීමට සමත්වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අම්පලවන්පොක්කයි ප්‍රදේශයේ තිබී කිලෝග්‍රෑම් 7.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 02 ක්, කිලෝග්‍රෑම් 2.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 08 ක්, එල්ටීටීඊය විසින් නිෂ්පාදිත වැඩිදියුණු කරන ලද පුපුරණ උපකරණ 51 ක්, පුද්ගලනාශක බෝම්බ 161 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 79 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 04 ක්, මිමී 82 මෝටාර් බෝම්බ 12 ක්, මිමී 82 මෝටාර් චාජර 03 ක්, ට්‍රිප් ෆ්ලෙයාර් 13 ක් සහ එල්ටීටීඊය විසින් නිෂ්පාදිත බෝම්බ 25 ක් එදිනම (19) සොයාගන්නා ලදි.
යාපනයේ සිසුන්ට සහ ගුරුවරුන්ට රග්බි පුහුණු කඳවුරක්........
රග්බි ක්‍රීඩාව නැංවීමේ අරමුණෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට පුහුණු කඳවුරක් පැවැත්වීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන සිවිල් කටයුතු සහ මහජන සබඳතා කාර්යාලය කටයුතු යෙදීය.
ජනප්‍රිය ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාව නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගී කොට ගෙන සිදු කිරීමට අවැසි දැනුම ලබා දුන් මෙම කඳවුරට පාසල් ක්‍රීඩකයින් එකසිය විසි දෙනෙක් සහ ගුරුවරුන් විසි තුන්දෙනෙක් සහභාගී වූහ. ජූනි මස 14 හා 15 දෙදින යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේත් ජූනි මස 16 වන දින කයිට්ස් හි ශාන්ත අන්තෝනී ක්‍රීඩාංගණයේත් මෙම කඳවුර පැවැත්විනි.
ශ්‍රී ලංකා රග්බි පාලක මණ්ඩලයේ ජාතික පුහුණුකරුවෙකු වන සනත් මාටින් හා ජපානයේ රග්බි සංවර්ධන විනිසුරු කමිටුවේ කළමණාකාර ටකාෂි ඔබරා යන මහත්වරු මෙම කඳවුර මෙහෙයවීය.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කෙරේ
පරිපාලන කටයුතු සදහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉදිකළ දෙමහල් ගොඩනැඟිල්ල යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ සුරතින් බ්‍රහස්පතින්දා (14) දින විවෘත කෙරිනි.
එලැඹුනු සුබ මොහොතින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කරමින් නව ගොඩනැඟිල්ල විවෘත කළ අවස්ථාවේ ශ්‍රී නාග විහාරයේ පූජ්‍ය බලවතුගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කරන ලදී. ඉන් අනතුරුව ආරාධිතයින් විසින් පොල්තෙල් පහන් සිළු දැල්වීය.
ඉතා මැනවින් පැරණි මූලස්ථාන පරිශ්‍රයේ මෙම නව ගොඩනැඟිල්ල ඉදිකරන ලදී.
|