උතුරඃ හමුදා භටපිරිස් විසින් බදාදා (20) දින ඉනුවිල් සහ ඉල්ලුප්පකඩ්ඩවේලි ප්රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම් මගින් අත්බෝම්බ 01 ක්, මර උගුලක් සහිත මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, පුද්ගලනාශක බෝම්බ කප්ස් 09 ක්, පුද්ගලනාශක බෝම්බ විලායක 06 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බයක් යොදා සැකසූ මර උගුලක් සොයාගෙන ඇත.
බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (20) දින පාලම්පිඩ්ඩි සහ විලතිකුලම් යන ප්රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 37 ක් සොයාගැනීමට සමත්වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ භටපිරිස් එක්ව අම්පලවන්පොක්කනයි ප්රදේශයේ එදිනම (20) සිදුකල සෝදිසි මෙහෙයුමකින් පොටෑසියම් නයිට්රේට් යැයි සැකකෙරෙන රසායනික කුඩු කිලෝග්රෑම් 50 ක්, ටී-56 පතරොම් 146 ක් සහ ජීපීඑම්ජී පතරොම් 54 ක් සොයාගත්හ.
|