උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්රහස්පතින්දා (16) දින විලතිකුලම් සහ කිඩුපිඩිට්ටයිකුලම් යන ප්රදේශවල තිබි පුද්ගලනාශක බෝම්බ 68 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: භට පිරිස් විසින් එදිනම (16) නැගෙනහිර පළාතේ කුමාරපුරම් ප්රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
දකුණ: සිවිල් වැසියෙකුගෙන් ලද තොරතුරක් මත දෙහිවල පොලීසිය විසින් එදිනම (16) සිදුකළ සෝදිසියක දී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
යුද හමුදා පැරා ක්රීඩා උළෙල - 2012 ; සාර්ථකව සමාප්තිය සටහන් කරයි
යුද බිමේ මෙන්ම ක්රීඩා පිටියේ ද තම දක්ෂතාවයන් විදහා දැක්වීමට විවිධ ආබාධයන්ට ලක් වු රණවිරුවන් 1000 කට අධික පිරිසක් දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයට එක් වුයේ ‘ශ්රී ලංකා යුද හමුදා පැරා ක්රීඩා උළෙල -2012’ සඳහායි. එහි සමාප්ති උත්සවය බ්රහස්පතින්දා (16) දින පස්වරුවේ ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විනි.
නිරතුරුවම යුද හමුදාවේ ක්රීඩා උන්නතියට කැප වන, සමාප්ති උළෙල සඳහා පැමිණි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පිළිගනු ලැබුවේ යුද හමුදා පැරා ක්රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් කේ.ජේ අල්විස් මහතා විසිනි.
යුද හමුදා පැරා ක්රීඩා උළෙල - 2012 සමාප්ති උත්සවයේ ප්රධානත්වය උසුලනු ලැබුවේ ගරු ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. යුද හමුදාපතිතුමා විසින් ප්රධාන ආරාධිත අමුත්තා මහත් හරසරින් පිළිගනු ලැබීය.
වර්ණවත් හා දැකුම්කළු තූර්යවාදක සංදර්ශනයක් මෙම සමාප්ති උත්සව අවස්ථාවේ පැවැත් වූ අතර, 1000 කට අධික ක්රීඩකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
2011 වසරේ දී පැවති පැරා ක්රීඩා උළෙලේ ජවන හා පිටිය සමස්ත ශූරතාව ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගනු ලැබු අතර, මෙම වසරේ ද සැමගේ ඔල්වරසන් හඬ මධ්යයේ සමස්ත ශූරතාව දිනා ගනු ලැබීය.
යුද බිමේ දී පමණක් නොව ක්රීඩා පිටියේ දී තම දක්ෂතා දැක්වීමට තරම් යුද හමුදාව පොහොසත් බව මෙම අවස්ථාව ඇමතූ අමාත්ය අලුත්ගමගේ මහතා පැවසීය. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ශ්රී ලංකාව වෙනුවෙන් යුද හමුදාවට මහත් පෙරලියක් සිදු කළ හැකි බව ද පැවසූ අමාත්යවරයා මීළඟ අවස්ථාවේ නාවලපිටියේ දී මෙම තරඟාවලිය පවත්වන ලෙස තමා මීට පෙර යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක් කළ බව ද සඳහන් කළේය.
මෙවර උළෙලට සමගාමීව ජවන හා පිටිය තරග ඉසව් 115 ක් පැවැත්වේ. ක්රිකට්, බැට්මින්ටන්, පාපැදි, රෝදපුටු මැරතන්, වෙරළ අත්පන්දු, රෝදපුටු ටෙනිස්, පිහිනුම්, වායුරයිෆල් වෙඩි තැබීම, මේස පන්දු, දුණු විදීම, සවි එසවීම, අත්පන්දු, අත්පන්දු (ඉඳගෙන), රෝද පුටු පැසිපන්දු, හෙල්ල හා යගුලිය විසි කිරීම, උස හා දුර පැනීම ආදි තරඟ මේ සඳහා ඇතුලත් වන අතර, පසුගිය මැයි 24 වන දින සිට එම තරඟ ආරම්භ විය. අගෝස්තු 14 දින සිට 16 වන දින දක්වා තෙදිනක් පුරා මෙම ක්රීඩා උළෙල පැවැත්විනි.
යුද හමුදා පැරා ක්රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් කේ.ජේ අල්විස් මහතා විසින් ඔවුන් හට ජවන හා පිටියේ ක්රීඩා ඉසව් රැසකින් තම දස්කම් ඉදිරිපත් කිරීමට ආබාධිත රණවිරුවන්ට මෙවන් ඉඩහසරක් සැකසූ මෙම අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාටම තම හදපිරි ස්තූතිය පිරිනැමීය. මෙම ක්රීඩා උළෙලේ ආරම්භක අවස්ථාවට යුද හමුදාපතිතුමා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
යුද හමුදාපතිතුමාගේ අදහසකට අනූව යුද හමුදා ක්රීඩා අධ්යක්ෂ මණ්ඩලය විසින් මීට දෙවසරකට පෙර 2010 වසර වන තෙක් යුද හමුදා ආබාධිත ක්රීඩා උළෙල ලෙස පැවති මෙම ක්රීඩා උළෙල ශ්රී ලංකා යුද හමුදා පැරා ක්රීඩා උළෙල ලෙස නම් කරන ලදී.
විජයබාහු පාබල විරුවෝ ලේ පරිත්යාග කරති.....................
11වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් විසින් රෝගාතුර වී රෝහල්වල නේවාසිකව ප්රතිකාර ලබන රෝගීන් සදහා ලේ දන්දීමේ වැඩසටහනක් ජුලි මස 22 වන දින චාවකච්චේරි ශාන්ත ලැගෝරියා දේවස්ථානයේ දී පැවැත්විය.
මෙම රෙජිමේන්තු අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් යු.ආර්.ඩබ්.කේ.ආර් කේමරත්න ගේ උපදෙස් පරිදි නිළධාරීන් සහ සෙසු නිළයන් 75 දෙනෙක් මේ සඳහා දායකත්වය දැක්වු අතර, සිවිල් වැසියන් 50 දෙනෙක් ද ස්වෙච්ඡාවෙන්ම ඊට එක්විය.
පසුගිය ජුලි 22 වන දින පැවති මෙම ලේ දන්දීමේ කදවුරෙන් ලබාගත් රුධිරය ශල්යකර්ම සඳහා භාජනය කරන රෝගීන්ගේ ප්රයෝජනය පිණිස රෝහල් ලේ බැංකුව වෙත භාරදෙන ලදී.
නැඟෙනහිර ආරක්ෂක අංශ මුස්ලිම් බැතිමතුන් සමඟ ඉෆ්තාර් සමරයි...............
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 22 වන සේනාංකය තම සේනාංක මූලස්ථානයේ දී මුස්ලිම් ජනතාව සමඟ රාමසාන් උපවාසය වෙනුවෙන් පවත්වනු ලබන ඉෆ්තාර් ආගමික වතාවත් අගෝස්තු මස 14 වන දින සන්ධ්යවේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
මේ සඳහා ත්රීකුණාමලය නඟරය, පුල්මුඩේ, කුච්චවේලි, කින්නියා, මුතූර්, තෝපූර්, තඹලගමුව සහ කන්තලේ ප්රදේශයන්හි මවුලවිවරුන් හා ‘උලමා’ සභාවන්හි සාමාජිකයන් 46කට අධික පිරිසගේ සහභාගිත්වය ලැබුනු අතර, එහි දී රාත්රී භෝජන සංග්රහයක්, ආගමික වතාවත් සහ කතිකාවත් ද පැවැත්විනි.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එස්.ඒ.එල් පෙරේරා, 22 වන සේනාංකාධිපති බ්රිගේඩියර් ඒ.එම් වීරසූරිය ඇතුළු යුද හමුදා නිළධාරීන් රැසක් මුස්ලිම් බැතිමතුන් සමඟ එක්ව ඉස්ලාම් සම්ප්රදායානුකූලව මෙම උත්සවය සැමරීමට සහභාගි වූහ.
යුද හමුදාවෙන් 5 වසර ශිෂ්යත්ව විභාගය -2012 සඳහා පෙරහුරුවක්.............................
52 වන සේනාංක බල ප්රදේශයේ සිටින 5 වසර ශිෂ්යත්ව විභාගය -2012 සඳහා පෙනී සිටින ළමුන් හට යුද හමුදා සහයෝගයෙන් විභාග පෙරහුරුවක් අගෝස්තු මස 02 වන දින තුම්පලේ ශිවප්රකාශම් විද්යාලයේ දී පවත්වන ලදී.
මෙම සම්මන්ත්රණය ශාන්ත ජෝන් මහා විද්යාලයේ ප්රාථමික අංශයේ ආචාර්යවරයෙකු වන ආනන්ද සමේෂන් මහතා විසින් මෙහෙය වු අතර, ප්රදේශයේ පාසල් 8 ක ළමුන් 185 ක් සහ ආචාර්ය මන්ඩලය 12 දෙනෙකු සහභාගි විය. මෙම සම්න්ත්රණය සඳහා සහභාගි වු සියලුම ළමුන් සඳහා පොත්, පැන්සල් සහ පාට පෙට්ටි ලබා දුන් අතර, නීතීඥ සෙල්වේන්ද්රන් මහතාගේ අනුග්රහයෙන් කිරි පැකට් ද ළමුන් වෙත බෙදා දුනි.
යාපනය ගුවන් විදුලි සංස්ථාවෙන් පාසල් උපකරණ ද, යාපනය තමිල්නාදන් පුවත්පත විසින් සම්මන්ත්රණයට අවශ්ය ප්රශ්ණ පත්ර නොමිලේ මුද්රණය කර දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා 16 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ඩී.එම්.ආර්.ජේ බණ්ඩාර, 19 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් බුද්ධදාස වඩමාරච්චි, වඩමාරච්චි කලාප අධ්යපන අධ්යක්ෂ නන්ද කුමාර් මහතා සහ තුම්පලේ ශිවප්රකාශන් විද්යාලයේ විදුහල්පති යෝගනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
|