වන්නි මුදා ගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් දිගටම
වන්නි: අාරක්ෂක හමුදාව නොකඩවා සිදුකරන සෝදිසි මෙහෙයුම්වලින් වන්නි ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සඟවා තිබු යුද උපකරණ සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සඳුදා (11) දින සොයාගත්හ.
මෙම මෙහෙයුම දියත් කල ආසිකුලම් ප්‍රදේශයේ තිබී ටී-81 ගිනි අවියක්, අත් බෝම්බයක්, මැගසීන් 05 ක්, පතරොම් 150ක්, ජංගම දුරකථනයක්, හඳුනාගැනීමේ කාඩ්පත් 05 ක්, බැටරි 09ක්, හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් සහ වෙනත් උපකරණ ඒ අතර විය.
එදිනම පන්ඩාරිකුලම් ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ ඔවුන් සතුව තිබූ C-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07ක් සහ යකඩ බෝල අඩංගු පාර්සල් කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර හමුදා භට පිරිස් පුතුකුඩිඉරිප්පු සහ වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් මිමි 27 ගිනි අවියක්, පිටත සවි කරන බෝට්ටු එන්ජින් 20ක් සහ එම කොටස් 12ක්, දියෙහි ගමන් කල හැකි ස්කූටරයක්, කූගර් වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර කටිටල 05ක් හා මයික්‍රෆෝන 05ක්, අතේ ගෙන යා හැකි පණිවිඩ හුවමාරු යන්ත්‍ර කටිටල 07ක්, මෝටරෝලා වර්ගයේ සන්නිවේදන උපකරණ කටිටලයක් හා මයික්‍රෆෝනයක්, මෝටරෝලා බැටරි චාර්ජරයක්, 4700 වර්ගයේ අතේ ගෙන යා හැකි මයික්‍රෆෝන 02ක්, ටී-56 ගිනි අවි 38ක් හා මැගසීනයක්, , ටී-56 උණ්ඩ 30ක්, ආර්පීජී බෝම්බයක්, ආර්පීජී චාර්ජස් 02ක් සහ හිස් වැසුමක් සොයා ගැනීමට සමත් වූහ. තවද කොටි සාමාජිකාවකගේ මළ සිරුරක් සහ ටී-56 ගිනි අවියක් කරයමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී සඳුදා (11) දින හමු වී ඇත.
යුද හමුදාව කිලිනොච්චි හි අඩම්පන් ප්‍රදේශයේ දී කිලෝ ග්‍රෑම් 7.5 ක් හා බර කිලෝ ග්‍රෑම් 25ක් ක්ලේමෝ බෝම්බ 02ක්, ටී-56 උණ්ඩ 4900ක්, ක්ලේමෝ බෝම්බ රඳවනයන් 02ක්, අත් බෝම්බයක්, එම්පීඑම්ජී උණ්ඩ 400ක්, ආර්පීජී බෝම්බ 04ක්, ආර්පීජී චාර්ජස් 03ක්, මිමි 60 මෝටාර් බෝම්බ 68ක්, බැංගලෝර් ටෝපීඩෝවක්, මිමි 160 ආර්සීඑල් බෝම්බ 02ක්, පුද්ගලනාශක බෝම්බ 36ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 05ක් සොයාගත්හ.
සාමාන්‍ය වැසියෝ 79 දෙනෙක් මුදා ගත් ප්‍රදේශ වෙත පැමිණෙති
මුලතිව්: කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මිදී සාමාන්‍ය වැසියෝ 79 දෙනෙක් යුද මුක්ත කලාපයේ කොටි පාලනය යටතේ පවතින කරයමුල්ලිවයික්කාල් හා මුල්ලියාවෙලි ප්‍රදේශවල සිට ඉදිරියට ගමන් කරන යුද හමුදා භට පිරිස් වෙත පැමිණ ඇත. එම පිරිස වව්නියාවේ අවතැන් වූවන් රැඳී සිටින මධ්‍යස්ථාන වෙත යොමු කලහ,
හමුදාව නව ආරක්ෂිත කලාපයේ දොරටුව අසල
මුලතිව්: 53,58 සහ 59 යන සේනාංකවල වීරෝදාර හමුදාවෝ නව ආරක්ෂිත කලාපය ආසන්නයට අඟහරුවාදා (12) දින හිමිදිරියේ ගෙවුනු පැය කිහිපය තුල ළංවුහ. 58 සේනාංකයේ භට පිරිස් ආරක්ෂිත කලාපයේ උතුරු මායිමට අඟහරුවාදා (12) අඵයම් කාලයේ පැමිණි අතර ත්‍රස්තවාදීන්ට එල්ල කල සුඵ අවිප්‍රහාර වලින් කොටි විශාල පිරිසක් මිය ගියහ. පසුව කොටින්ගේ මළ සිරුරු 25ක්, ටී-56 ගිනි අවි 20ක්, බහුකාර්ය යාන්ත්‍රික අවියක්(එල්එම්ජී) සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර කටිටලයක් එම ප්‍රදේශයේ තිබී සොයාගත්හ.
මේ අතර 59 සේනාංකයේ භට පිරිස් නන්දිකඩාල් කලපුව තරණය කර ආරක්ෂිත කලාපයේ දකුණු දෙසින්
මීටර 300ක් යුද මුක්ත කලාපයට ගමන් කරමින් ආරක්ෂිත කලාපයේ බටහිර මායිමේ දී 53 සේනාංකයේ සෙබඵන් හා සම්බන්ධ වූහ. |