තවත් යුද උපකරණ තොගයක් සොයාගනී
උතුරඃ යුද හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (12) දින මානික්කවාස, කොල්ලන්කුලම්, අරසමුරිප්පු, මඩු, පනන්කාමන්, මොනරවැව, මරතෝඩි, ඉරණමඩු සහ බෆලෝ අයිලන්ඩ් යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුම්වල දී අත් බෝම්බ 06 ක්, පුද්ගලනාශක බෝම්බ 77 ක්, මිමී 81 මෝටාර් බෝම්බ 02 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක්, මිමී 40 ග්‍රෙනේඩ් විදින සඳහා යොදා ගන්නා බෝම්බ 01 ක්, ටී-56 අවි 02 ක්, ටී-56 මැගසින් 06 ක්, ටී-56 පතරොම් 212 ක්, පුපුරා නොගිය මර උගුල් 04 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ විලායක (ෆියුස්) 12 ක් සොයා ගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් පුද්ගලනාශක බෝම්බ 395 ක්, ආර්පීජී බෝම්බ 01 ක් සහ මිමී 40 ග්‍රෙනේඩ් විදින සඳහා යොදාගන්නා බෝම්බ 01 ක් මහිලන්කුලම්, පිරමනාලන්කුලම්, කන්නඩි, සින්නපන්ඩිවිරිච්චාන්, පෙරියපන්ඩිවිරිච්චාන්, මරුදමඩු, ඇතාවැටුනවැව, කොක්කුතුඩුවායි, කිළිනොච්චි සහ ඉරණමඩු යන ප්‍රදේශවල තිබී එදිනම (12) සොයා ගෙන තිබේ. |