උතුරඃ හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින කොක්කුතුඩුවායි, කොවිල්පුලියන්කුලම් සහ මුල්ලියාවේලි යන ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගල නාශක බෝම්බ 20 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 07 ක් සහ එම්පීඑම්ජී පතරොම් 3750 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (22) කරෙයිනගර්, මනවාලන්පුදුමුරිප්පු සහ කරප්පාකුට්ටි යන ප්රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක්, මිමි 81 මෝටාර් බෝම්බ 16 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (22) කොක්කුතුඩුවායි යන ප්රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 76 ක් සොයාගෙන තිබේ.
|