| |
|
|
|
| |
 |
| Army Flag & Crest |
|
|
| If the following sinhala Unicode fonts do not appear clearly, please follow the link and install the Sinhala Unicode fonts |  |
|
| ආරක්ෂක තත්ව වාර්තාව හා විශේෂාංග 2013 ජූනි මස 17 දින |
උතුරඃ ලද තොරතුරු මත භට පිරිස් විසින් ඉරිදා (16) දින කල්වයාල් නුනාවිල් සහ විශ්වමඩු යන ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි අත් බෝම්බ 01 ක් සහ කිලෝග්රැම් 2.5 ක් බරැති ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) දින විලක්වෛතිකුලම්, කල්ලිකුලම්, ගජබාපුර සහ කොක්තුඩුවායි යන ප්රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 95 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: ලද තොරතුරු මත භට පිරිස් විසින් එදිනම (16) වඩ්ඩිචෙලෙයි සහ මයිලන්කරච්චි යන ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි ටි-56 මැගසින් 71 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
ලාබාලතම ජෙනරාල් වරයාට යුද හමුදාවේ උත්තමාචාරය............
යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසුරිය ජෙනරාල් තනතුරට නිල උසස් කිරිම හේතුවෙන් යුද හමුදා මුලස්ථාන භඨපිරිස් විසින් එතුමා හට ගෞරව දැක්වීමේ ආචාර පෙළපාලියක් රාජ්ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්යාංශ පරිශ්රයේදී සදුදා(17) උදෑසන පවත්වන ලදී.
යුද හමුදාපති ලෙස සිය ධුර කාලයේ සිටියදී ජෙනරාල් ලෙස උසස්විම් ලැබු ලාබාලතම ජෙනරාල් වරයා බවට එතුමා පත්විය.
යුද හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී විසින් ජෙනරාල් ජගත් ජයසූරිය මැතිතුමා පෙළපාලි භූමියට කැදවාගෙන පැමිණි අතර යුද හමුදා සම්ප්රදායානුකූලව එතුමා හට ආචාර සම්මාන මුරයක් පවත්වන ලදී.
යුද හමුදා මාණ්ඩලික ප්රධානි මේජර් ජෙනරාල් ආර්එම්ඩී රත්නායක විසින් පෙළපාලි භූමියේදී යුද හමුදාපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව එතුමාව විශේෂ පිඨිකාවක් වෙත රැගෙන යන ලද අතර එහිදී ශ්රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබලුන් 50 දෙනෙකු විසින් යුද හමුදා සම්ප්රදායානුකූලව ආචාර පෙළපාලියක් පවත්වන ලදී. ශ්රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් ළහිරු එදිරිසිංහ මෙම ආචාර පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදී.
|
|
|
|
 |
| Commander of the Army |
|
|
|
Copyright © 2011 Sri Lanka Army.
Contents of this site are the sole property of Sri Lanka Army and any duplication in any media is liable for prosecution. Reproduction of these stories/data is possible provided its source is given due recognition.
|