උතුරඃ හමුදා භට පිරිස් විසින් බ්රහස්පතින්දා (23) දින එර්ලාලෙයි, කනගරායන්කුලම් සහ සිවනගර් යන ප්රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී පුද්ගල නාශක බෝම්බ 06 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 02 ක් සහ මිමී 122 කාලතුවක්කු උණ්ඩ 03 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (23) කොක්කුතුඩුවායි ප්රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 50 ක් සොයාගෙන තිබේ.
|